Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Forum

Adaraya Ayai – Bath...
 
Notifications
Clear all

*  Some forums are hidden from guests ( Ex-: Movies , Games , TV Series , Etc... ) Register / Login to see them ( Download , Play , Online Stream , Entertainment Talk , Etc..  )

Adaraya Ayai – Bathiya N Santhush  

  RSS

Janaka Gunathilaka
Member Admin
Joined: 2 years ago
Posts: 95
23/03/2020 6:51 pm  

Adaraya Ayai – Bathiya N Santhush

හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි
පුත නුඹ සුරතින් කැදව ගෙන යන්නේ
ඇය දැවටී මා ළග තෙපුල් කියූ හැටී
අදටත් නෑ අමතක වන්නේ

ආදරය ඇයයි
දූ මගේ පණයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබෙ කුලගෙයි මිණිපහන් දිලෙයි

මට මතකයි ඈ ඉපදුණු දා
මා දෙස හෙළුවා සුරතල් සිනා
පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි
රැකගත් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දගකරී
ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි

ආදරය ඇයයි.....

මට මතකයි එදා මිමිණුවා
මං ඇගෙ ලෝකේ රජවූ හැටි පවසා
පුත ඒ කිරුළේ හිමිකම අද ඔබ ගෙයි
රැකගත් ඈ මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගෙ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දගකරී
ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි

ආදරය ඇයයි.....


Quote
Share: